මුල් පිටුව

[categoryposts]
                 ආයුර්වේද  වෛද්‍ය ක්ෂෙත්‍රය අංග අටකින් යුක්ත අතර ඖෂධ වලින් සුවකිරීමට නොහැකි රෝග සුවකිරීමට ශල්‍යකර්ම සිදුකිරීම ශල්‍යත්‍රන්ත නම් අංගයට අදාළ වේ. නමුත් වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රමය තුල ශල්‍යකර්ම යොදා ගන්නා බොහෝ අවස්ථා ඖෂධ හෝ පාරශල්‍ය ප්‍රතිකාර මගින් සුවකිරීමට ආයුර්වේද වෛද්‍ය ක්ෂෙත්‍රය තුල ක්‍රමෝපායයන් ඇත. ලෝකයේ නව ප්‍රවණතාවයද හැකිතාක් ශරීරය කැපීම අඩුකර වෙනත් ක්‍රමවේද මගින් ශල්‍යකර්මයට අදාල දෑ සිදු කිරීමයි. එනම් ආයුර්වේද වෛද්‍ය ක්ෂෙත්‍රය තුල දැනට වසර 3000 කට පමණ පෙර සිදුකල, ශල්‍යකර්ම හා ඖෂධ ප්‍රතිකාර අතර වූ පාරශල්‍ය ප්‍රතිකාරම වේ. මෙම පාරශල්‍ය ප්‍රතිකාර (parasurgical treatment) විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග නව මුහුණුවරකින් පැමිණේ.විද්‍යාව හා තාක්ෂණය කිසිවෙකුගේ හෝ බූදලයක් නොවන බව තරයේ විශ්වාසකරන අපගේ අදහස වනුයේ මෙම ශල්‍යවිධි ප්‍රථමයෙන්ම ලොවට දායාද කළ වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් වෛද්‍යවරුන් ලෝකයේ දියුණු තාක්ෂණයද  යොදාගෙන ඒවා සිදුකිරීමට සූදානම් විය යුතු සේම රජය විසින් ඊට පහසුකම් සලසා දිය යුතුය. මෙය ඉන්දියාව තුල යථාර්ථයක් වී තිබේ.
ආයුර්වේද  වෛද්‍ය ⁣ක්ෂේත්‍රය තුල  වර්තමානයේ සිදුකරන ශල්‍යකර්ම හා  පාරශල්‍යකර්ම නැරඹීමට පහත සම්බන්ධක (link) වෙත පිවිසෙන්න.

 

 

 

 

දැක්ම
ජනතාවගේ නීරෝගී බව ආරක්ෂා කිරීමට හා රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට කාර්යක්ෂම වෛද්‍ය ක්‍රමයක් ලෙස ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය සමාජයේ ප්‍රචලිත කිරීම.

මෙහෙවර
ආයුර්වේද හා දේශීය වෛද්‍ය සංකල්ප මත පදනම් වෙමින්, නවීන වෛද්‍ය විද්‍යාත්මක දැනුම හා වෛද්‍ය තාක්ෂණික ඥානය උචිත පරිදි සම්මිශ්‍රණය කරගනිමින්, මිත්‍යාමත හා ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් ජනතාව ආරක්ෂාකර ගැනීමට ඉවහල්වන දැනුම සමාජගත කරමින්, නවීන සමාජයට වඩාත් යෝග්‍ය ලෙස ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය රෝග නිවාරණ හා ප්‍රතිකාර සඳහා කාර්යක්ෂම වෛද්‍ය ක්‍රමයක් ලෙස භාවිතා කිරීම හා ඒ සඳහා මඟ පෙන්වීම.

Dr Keerith
වෛද්‍ය ඩබ්.ආර්. කීර්ති රණසිංහ
බී.ඒ.එම්.එස්. (කැළණිය විශ්වවිද්‍යාලය)
පසර නීරෝගා වෛද්‍ය මධ්‍යස්ථානය
14B, නිදහස් මාවත, ඉසුරුපුර, අනුරාධපුර,
ශ්‍රී ලංකාව.


Web : www.pasaraniroga.com
E-mail : drkeerthi@pasaraniroga.com
Tel : (+94) 71 149 70 58

ස්වභාවික ඔසුවෙන් ලොවක් සනහා සුවකළ නොහැකි යැයි කියන බොහෝ රෝග වලින් දුක්විදින ජනයා සුවපත් කිරීමට දක්ෂ BAMS වෛද්‍යවරයෙකු වීමට ඔබත් කැමතිද ?

               ලෝකයේ ප්‍රථමයෙන්ම මළ සිරුරු කපා වෛද්‍යමය අධ්‍යයනයන් (කාය විවච්ජෙදය) කළ අයුරු දැක්වෙන සිතුවමකි.අදින් වසර 3000 කට පමණ පෙර ආයුර්වේද වෛද්‍ය ක්ෂෙත්‍රය තුළ සිදුකෙරුණු මෙම කාය විවච්ජෙදය, මළ සිරුර තෘණ පට්ටා විශේෂයකින් වෙලා ජනශුන්‍ය පෙදෙසක වැල් කූඩයක බහා දින 3ක් පමණ ගලායන ජලයේ කුණුවන්නට තබා කළ බව සදහන් වේ. මෙම අධ්‍යනයන් අද නවීන කාය විවච්ජේද විද්‍යාවට බොහෝ සමාන බව සුශැත සංහිතාව, චරක සංහිතාව වැනි වර්තමානයේ පවතින ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූල ග්‍රන්ථවල, ශරීරස්ථාන යන අධ්‍යායන් සමග නවීන මානව කායවිවච්ජේද ග්‍රන්ථ (human anatomy books) කියවා තේරුම්ගැනීමෙන් අවබෝධ කරගත හැකිය.

 

            ලෝකයේ ප්‍රථමයෙන්ම ශල්‍යකර්ම කළ අයුරු දැක්වෙන සිතුවමකි.අදින් වසර 3000 කට පමණ පෙර ආයුර්වේද වෛද්‍ය ක්ෂෙත්‍රය තුළ සිදුකෙරුණු මෙම ශල්‍යකර්ම විධි අද බටහිර වෛද්‍ය විද්‍යාවේ ක්‍රම වලට බොහෝ සමාන අතර වර්තමානයේ බටහිර ශල්‍යකර්ම වලදී සාමාන්‍යයෙන් සිදුවී ඇත්තේ, අතීත මෙම ක්‍රම වලටම තාක්ෂණයේ එකතු වීම පමණකි.මේ බව එකළ සුශැත සෘෂිතුමා(ලෝකයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා)විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලදුව අද සිංහල,ඉංශ්‍රීසි ඇතුළු ලෝකයේ නොයෙක් භාෂා වලට පරිවර්තනය වී ඇති ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලික ග්‍රන්ථයක් වූ සුශැත සංහිතාවෙන් මනාව පැහැදිලිවේ.අද වන විට ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය ක්ෂෙත්‍රයට අයත් රෝහල් හා රෝහල් අංශවල මෙම ශල්‍යකර්ම විධි ලෝකයේ නවීන තාක්ෂණය ද මනාව මුසුකර ගනිමින් සාර්ථකව සිදුකරයි.

 

Languages Translator