යෝජනා

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම

  1. රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වලට හිඟයකින් තොරව ගුණාත්මක ඹෟෂධ නිකුත් කිරීම, ඒ සඳහා දැනට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා ඒවා වැඩි කර දීම.
 
  1. ආයුර්වේද වෛද්‍යක්ෂේත්‍රය යනු ශල්‍යකර්ම පවා අඩංගු පුළුල් විෂය ක්ෂේත්‍රයකි. මෙහිදී නවීන වෛද්‍ය උපකරණ බොහොමයක් යුක්ති යුක්තව භාවිතා කල හැකිය.
                    උදා: i.      නවීන අල්ට්‍රාසවුන්ඩ් සිකෑන් යනු, එදා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන්මාංශ
                                    ධාතු පරීක්ෂාව හා මේදෝ ධාතු පරීක්ෂාව ප්‍රායෝගිකව විනිවිද දැකිය හැකි
                                    තාක්ෂණයකි. එනම් එහි මූලික හරය ආයුර්වේද මූලධර්ම වල අඩංගුය.
                           ii.      වෙද නලාව යනු, එදා දිග නලයකින් සිදුකල ශබ්ද පරීක්ෂාව අදට ගැලපෙන ලෙස
                                    සිදුකල හැකි උපකරණයකි.
                    නමුත්, දැනට අපගේ ආයුර්වේද රෝහල් වල පවතින තත්වය අනුව, අඩුම තරමින් මූලික වෛද්‍ය උපකරණ හෝ එම රෝහල් වලට ලබා ගැනීමට වෙනම වැය ශීර්ෂයක් පිහිටුවීම යෝජනා කරමු.
  1. වෛද්‍යවරුන්ගේ හා කාර්යමණ්ඩලයේ දැනුම අළුත් කිරීමට හා වර්ධනයට නේවාසික පහසුකම් සහිත පුහුණු ඒකකයක් පළාතේ රෝහල් භූමියේ හෝ ආසන්නයේ පිහිටුවීම වටී. එහිදී ප්‍රායෝගික කටයුතු සඳහා එම පළාතේ ආයුර්වේද රෝහල යොදා ගැනීමත්, හැකියාව පවතී නම් බටහිර වෛද්‍ය දැනුම හා නවීන ප්‍රායෝගික හැකියාව දියුණු කිරීමට බටහිර ශීක්ෂණ රෝහල්හා වෛද්‍ය පීඨවල සහයෝගය ලබාදිය හැකි නම් වඩාත් යෝග්‍යයැයි යෝජනා කරමු.
  1. දැනට බොහෝ විට සේවය කරන්නේ බී.ඒ.එම්.එස්. (BAMS) මූලික උපාධිය පමණක් සහිත සාමාන්‍ය වෛද්‍ය වරුන්ය.ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රෙය් එක් එක් ආංශයන් සඳහා (උදා: කාන්තා රෝග, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ශාලාක්‍ය (එනම් ENT වැනි උරහිසෙන් ඉහල රෝග පිළිබඳවත) ළමා රෝග, විෂ වෛද්‍ය විද්‍යාව හා ප්‍රජා වෛද්‍ය විද්‍යාව වැනි) ඇති වසර 03ක් හෝ ඊට වැඩිMD Ayur, MS Ayur, M Pilවැනි පශ්චාත් උපාධි හැදෑරීමට ඉංදියාවේ විශ්ව විද්‍යාල වලට යෑමට තෝරාගත් සාමාන්‍ය වෛද්‍ය වරුන්ට ශිෂ්‍යත්ව ලබා දී ඹව්න් විශේෂඥ වෛද්‍යවරුන් බවට පත්කර ජනතාවට වඩාත් හොද සේවයක් ලබා දීම.
  1. ඹෟෂධ නිෂ්පාදනාගාර දියුණු කර හොද ගුණාත්මක තත්වයේ ඹෟෂධ ජනතාවට ලබා දීම.
  1. පුහුණුව හා නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ (මල්ටිමීඩියා) ලබා දෙමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව දියුණු කිරීම.
  1. පාසැල් තුලට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමට වැඩසටහන් සැකසීම හා ඊට දක්ෂ වෛද්‍යවරුන් හදුනාගෙන ඹවුන් ඊට යෙදවීම. ඒ හරහා පාසැල් සිසුන් ස්වාභාවික දිවි පැවැත්මට හා ස්වභාවික ඹෟෂධ වලට හුරු පරිසරයට ආදරය කරන පිරිසක් බවට පත් කිරීම. ඒ හරහා ආයුර්වේද වෛද්‍ය උපාධිය සඳහා දක්ෂ සිසුන් යොමු වීමට අවශ්‍ය පසුබිම හා දැනුවත් වීම සිදු කිරී‍ම.
  1. මෛක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා වෛද්‍යවරුන් යොමු කිරීමට දිරි දීම.
  1. රෝහල් කටයුතු වගකීමෙන් සිදු කිරීමට හෙද නිලධාරි කාර්ය මංඩලයක් බදවාගෙන පුහුණු කිරීම.
  1. දැනට ආයුර්වේද රෝහල් සඳහා ප්‍රබල අඩුපාඩුවක්ව පවතින වෛද්‍ය පරීක්ෂණ රසායනාගාර            (Medical lab/ රෝග නිදාන පරීක්ෂාගාර) අවම වශයෙන් පළාත් රෝහල් හා මූලික රෝහල්වලවත් පිහිටුවීම.

 

Languages Translator