ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හිරියාල හත්පත්තුවේ කිරිඳිගල්ල නම් ග්‍රාමයේ ඉපැරණි වෙද පරපුරක් වූ කොස්වත්තේ වෙද පරපුරේ විසි හතර වෙනි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයා දහනායක මුදියන්සේලාගේ ටිකිරි බංඩා වෙද මහතාය. (අප දන්නා පරිදි…., කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ වෛද්‍ය පරපුරෙන් පැවතවිත්, පසුව විදේශ ආක්‍රමණවලට විරුද්ධව වීරකැප්පිටිපොළ නිළමෙතුමන්ලා වනගතව සටන් වදිනවිට, එතුමන්ලා හා කැටුව යුධකටයුතු සදහා වෛද්‍ය සේවය සැපයූ, දහනායක මුදියන්සේලාගේ කිරිබංඩා වෙදමහතා ඇතුළු පරම්පරාවේ විසිහතරවෙනි පුරුක දහනායක මුදියන්සේලාගේ ටිකිරි බංඩා වෙද මහතාය.)
විසිපස්වැනි පුරුක දහනායක මුදියන්සේලාගේ ධර්මසේන බංඩා වෙද මහතාය. විසිහයවැනි පුරුක දහනායක මුදියන්සේලාගේ දසනායක බංඩා වෙද මහතාය. දහනායක මුදියන්සේලාගේ ටිකිරි බංඩා වෙද මහතාගේ වැඩිමහල් පුතුන් වන මෙතුමන්ලාත් එම පියාණන් වන දහනායක මුදියන්සේලාගේ ටිකිරි බංඩා වෙද මහතාත් දැනට ජීවතුන් අතර නොමැත. පවුලේ එකම දියණිය වූ විසිහත්වැනි පුරුක දහනායක මුදියන්සේලාගේ බංඩාර මැණිකේ රණසිංහය. මෙතුමිය DAMS (ලංකා) හා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ දර්ශනපති (M’phil) ආයුර්වේද පශ්චාත් උපාධිධාරි, (ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය – 6643) ශ්‍රී ලංකා රජයේ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වසර 27කට වැඩි සේවා කාලයක් සේවය කර විශ්‍රාම ගිය අධිශේණියේ වෛද්‍යවරියකි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරියකි. (DAMS- lanka, M’phil University of colombo) තවද කැඩුම් බිදුම් විශේෂ වෛද්‍යවරියකි. (ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ විශේෂ වෛද්‍යවරියෙකු ලෙස ලියාපදිංචි අංකය – 6800) පරම්පරාවෙන් ලද විශේෂ පාරම්පරික දැනුමත්, ශ්‍රී ලංකා කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ හා පශ්චාත් උපාධියට සම්බන්ධ වූ ඉන්දියාවේ ආයුර්වේද විශ්ව විද්‍යාල වලින් ලැබූ ආයුර්වේද හා නව්‍ය විද්‍යාත්මක දැනුමත් භාවිතයෙන් විශිෂ්ඨ ලෙස ප්‍රතිකාර කරනු ලබන විශේෂඥ වෛද්‍යවරියෙකි.
එම මැතිණියගේ වැඩිමහල් පුතණුවන් වන වෛද්‍ය ඩබ්.ආර්. කීර්ති රණසිංහ මහතා ශ්‍රී ලංකා කැලණිය විශ්ව විද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ BAMS උපාධිධාරි වෛද්‍යවරයකු (ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය – 13275) ලෙස දැනට ශ්‍රී ලංකා රජයේ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර පසර නීරෝගා වෛද්‍ය මධ්‍යස්ථායේද ප්‍රතිකාර කරනු ලබයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නවීන ලෝකයේ විද්‍යාවේ තාක්ෂණයේ දියුණුවත් සමග යැල්පැණගිය නොදියුණු වෛද්‍ය ක්‍රමයක් සේ සැලකූ යුගය දැන් දැන් අවසන්වෙමින් තිබෙන අතර වෛද්‍ය ක්‍රමයක් පමණක් නොව අපූරු ජීවන දර්ශනයක් ද වූ ආයුර්වේද වෛද්‍යක්‍රමයේ ගැඹුර, හරය හා සත්‍යබව නවීන උපකරණ,විද්‍යාව හා තාක්ෂණය ඔස්සේ මතුවෙමින් පවතින යුගයකි මේ. මනුෂ්‍යයා ධර්ම , අර්ථ හා කාම අත්වද අවසානයේ මෝක්ෂය කරා යන භව ගමනේදී ලෙඩදුක් නිසා එම ගමනට මහත් බාධාවන් ඇතිවේ.එම නිසා එම ලෙඩදුක් බාධා අවම කරගෙන එම ගමන යාමට මෙම වෛද්‍ය ශාස්ත්‍රය ඍෂිවරුන් විසින් ලොවට දායාද කල බව කියවේ.
ලෝකයේ විද්‍යාව තාක්ෂණය අතින් දියුණු රටවල මෙවැනි දැනුම කෙරෙහි අවධානය යොමුවී ඒ කරා යොමුවෙමින් පවතින අතර ඒවා වැඩිදියුණු කිරීමටත් භාවිතය පහසුකර ගැනීමටත් ලෝකයේ ඇති ඕනෑම තාක්ෂණයක් ඒ සදහා යොදා ගැනීමටත් ඔවුන් පසුබට නොවෙති.
අපගේ අරමුණ වන්නේ සෘෂිවරුන් විසින් මෙලොවට දායාදකළ මෙම උතුම් වෙද්‍ය ශාස්ත්‍රය රැකගෙන රෝග වළක්වා ගැනීම හා සුවකරගැනීම උදෙසා සමාජගතකර සුවහසක් ජනතාවට ඉන් සහනය ලබා ගැනීමට මග, පෑදීමයි.
මෙහිදී අවම වශයෙන් වසර දෙකක් උසස් පෙළ ජීවවිද්‍යාව (ජීවවිද්‍යාව ,භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව ) හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබ තවත් වසර හයක් මෙම වෛද්‍ය උපාධිය (BAMS ) හදාරා සමත් වී වෛද්‍යවරුන් ලෙස එක්වන අපේම ආදරණීය සහෝදර සහෝදරියන් මෙම ක්ෂෙත්‍රයේ අනාගතය වන අතර නවලොව අවශ්‍යතා හදුනාගෙන මෙය වඩාත් උචිත ලෙස උපයෝගීකර ගැනීම ඔවුන්ගේ වගකීමක් වේ. එය වඩාත් හොදින් සාක්ෂාත් කර ගැනීමටනම් වෛද්‍ය ක්‍රමය සාමාජගත වීම හා ඔවුන්ගේ පැවැත්ම ගෞරවනීය ලෙස තහවුරු විය යුතුය . ඉහත සදහන් කළ සුවහසක් රෝගීන්ට සෙත සැලසීමේ උතුම් පරමාර්ථය වඩා හොදින් ඉටුවන්නේ එවිට බව අපගේ විශ්වාසයි .
බොහෝ රෝගීන්ට සෙත සැළසීමට පසර නීරෝගා අපද එක්වී සිටින අතර, තව තවත් රෝගීන්ට මේ වෛද්‍යක්ෂේත්‍රයෙන් සෙත සැළසීමට රටේ ලෝකයේ දක්ෂ දූ පුතුන්කර මෙම වෛද්‍ය ක්ෂේත්‍රයට එක්වන ලෙස අප ගෞරවයෙන් ආරාධනා කරමු. කිසිම විද්‍යාවකින් පිහිටක් නැති දුක්විදින රෝගීන්ට මෙලෙස අවංකවම පිහිට වී තමන්ගේද මෙලොව පරලොව දෙකම යහපත් වන බව අපගේ විශ්වාසයි .ඒ සදහා බොහෝ කැපවීමෙන් පුහුණුවීම් කළ යුතු අතර එසේ සුලබව ප්‍රතිකාර නිසි ලෙස කිරීම තුල ජනතාවට එය දැනීමට පටන් ගනීවි…..
එම ආකල්පය ගොඩනැගීමට අල්ප වශයෙන් හෝ අපගේ මෙම වෙබ් අඩවිය දායක වි නම් එය අපගේ අරමුණ මල්පලගැනීමකි. මෙහිදී රෝගීන් අමාරුවේ දමන ව්‍යාජ වෛද්‍යවරුන් මෙම ක්ෂේත්‍රයෙන් බැහැර වියයුතු බව අප දැඩිව අවධාරණය කරන අතර ජනතාවද එය තේරුම් ගත යුතුය. එසේම මෙම දැනුම් සම්භාරය මෙතෙක් ආරක්ෂා කළ දැනටත් එසේ අවංකව කරන එසේම ගුරුමුෂ්ටියෙන් තොරව සමාජයට දායාදකළ හා කරන අපගේ දෙමාපියන් බදු පාරම්පරික වෛද්‍යතුමන් හා තුමියන් වෙත අපගේ නමස්කාර පූර්වක ස්තූතිය පුදකරමු.