රෝග නිවාරණ හා ප්‍ර්‍රතිකාර ක්‍රම

නිරෝගී බවට ආහාර සම්බන්ධ කරුණු

 

මිනිසාට ලෙඩරෝග සෑදීමට බලපාන්නේ තමන්ගේ ආහාර, ඖෂධ හා විහරණ හෙවත් හැසිරීම් රටාවේ වැරදි හා ආගන්තුජ හේතු (වෛරස්, බැක්ටීරියා හා අනතුරු ආදී පිටතින් පැමිණෙන කරුණු) නිසාය. නමුත් බොහෝවිට හේතු වන්නේ තමන්ගේම ආහාර රටාවේ හා හැසිරීම් රටාවේ වැරදි නිසාය. වෛරස්, බැක්ටීරියා වැනි බාහිර සාධක පරිසරයේ නිරන්තරයෙන්ම පවති. නමුත්, ඒවායින් ශරීරය ආරක්ෂා කිරීමට ශරීරයේ ස්වාභාවිකව ක්‍රියාත්මක වන යාන්ත්‍රනයක් ඇත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් ආකාරයට තමන්ගේ ආහාර, ඖෂධ, විහරණ ආදී ක්‍රියාවල වැරදි නිසා ඉහත කී එම යාන්ත්‍රණය දුර්වල වන අතර, එවිට බාහිර පරිසරයේ එම සාධක පහසුවෙන් සිරුර ආක්‍රමණය කරයි. එමනිසා පහත කරුණු වඩා වැදගත් වේ.

 

  • කෘත්‍රිම ආහාරපාන සිරුරට අහිත කරයි. අද බොහෝ දෙනා ආහාර රස කිරීමට කියා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය ආහාර වලට එකතු කිරීමට පුරුදුව සිටී. මෙ ඉතාමත්ම අනුවණ ක්‍රියාවතක් වන අතර ඊට දිව හුරුවීම නිසා කාලයක් පාවිච්චිකල විට එම රසයට ඇබ්බැහි වී එය නැතුව බැරි ස්වභාවයක් හටගනී. මේවා නිසා නොයෙකුතු ස්නායු රෝග, පිළිකා රෝග මෙන්ම ජීර්ණ හා අවශෝෂණ දුර්වලතා ද ඇතිවිය හැකිය. එම ජීර්ණ හා අවශෝෂණ දුර්වලතා හේතුවෙන් වක්‍රව හා දීර්ග කාලීනව අධිලිපිඩතා (කොලෙස්ට්‍රෝල්), අධිරුධිර පීඩණය (පෙෂර්), අශ්මරී (මුත්‍රාගල්), දියවැඩියා ආදියටද අතවනා ගැනීමක් සිදුවේ.

 

  • වරක් පිසූ අහාර නිවුණු පසු නැවත රත්කර කෑම මගින් එම ආහාර නිසි ජීර්ණයට ලක් නොවීමට හේතු වේ. එවැනි ආහාර වල රසය පවා නැවුම් ආහාර වල රසයෙන් වෙනස් වීමෙන්න එහි සංයුතිය වෙනස්වීම තේරුම්ගත හැකිය. අද බොහෝවිට කරන පිසූ ආහාර ශීතකරණයේ තබා නැවත රත්කර කෑම නුසුදුසු වූ ක්‍රියාවකි. වරක් පිසූ තෙලෙන් නැවත පිසූ ආහාර අනුභවයද ශරීරයට ඉතාම අහිත කර තත්වයකි.

 

  • අධික තෙල් සහිත ආහාර, මිරිස්තුනපහ, ලුණු අධිකව යෙදූ ආහාර නිතර ගැනීම සුදුසු නොවන අතර පිෂ්ඨ උපයෝගීතාවය අධික පාන් පිටි ආහාර හා අධික උෂ්ණ ගුණ යුක්ත ( කෑමෙන් පසු ශරීරයේ අධික දැවිල්ල, තොල, දිව හා ගුද මාර්ගය පැලෙන සුළු ගතිය, ඇස් දැවිල්ල ආදියට හේතුවන ආහාර / Burning senses after the meals ) ආහාර නිතර ගැනීම සුදුසු නැත.

 

  • නිසිමාත්‍රාවෙන් ආහාර ගත යුතුවේ. සාමාන්‍යෙයන් ආහාර ගත යුත්තේ ආමාශයෙන් භාගයක් පිරෙන පරිදිය. තවත් කාලක් පිරෙනසේ වතුර පානය කල යුතු අතර, ඉතිරි කාල හිස්ව තිබිය යුතුය. නමුත් මෙය මෙසේ තේරුම් ගන්නේ කෑමෙන් පසු තමන් හට විශේෂ අපහසුතාවයක් ඇති නොවන සේ මෙන්ම තමාගේ බඩගින්නද නිවෙන ප්‍රමාණයට ආහාර ගත යුතුය. එම මාත්‍රාවන් ආහාර හොදින් දිරවීමට මහත් උපකාරී වේ. එම ආහාර මාත්‍රාවන් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට යම් තරමකින් වෙනස් විය හැකිය. අඩු මාත්‍රාවෙන් ආහාර ගැනීමද සුදුසු නොවේ.

 

  • කෑපිට කෑම නොකල යුතුය. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව විටින් විට කෑම සුදුසු නොවේ. එක වේලකින් පසු ඊලග වේලවන විට නිසි ආකාරව බඩගින්න ඇති නොවේනම් හෝ ඊටපෙර කලින් බඩගිනි ඒනම් ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රෙය් සුදුසුම්ලත් වෛද්‍යවරයකු කරා යොමු විය යුතුය.

 

  • විරුද්ධ ආහාර නොගත යුතුය. සමහර ආහාර වර්ග එකට ගැනීමට නුසුදුසු බව පෙන්වා දී තිබේ. එසේ ගත්විට නිපදවෙන නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හා ක්‍රියාවන් සිරුරට අහිතකර වේ.

 

උදා:   මඥ්ඥෙක්කා හා ඉගුරු

මාළු සහ මස් එකට කෑම

මාළු හෝ මස් ආහාරයෙන් පසු හෝ සමඟ කිරි ආහාර

අද බෙහෝවිට කරන වැරදි ක්‍රියාවක් වන්නේ මාළු හෝ මස් ආහාරයෙන් පසු යෝගට්, අයිස්ක්‍රීම් වැනි කිරි ආහාර අතුරුපස ලෙස ගැනීමයි.

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය හා දින චර්යා

 

Languages Translator